If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

වාහන පැදවීමේදී (When Driving)

ලියුවේ Unknown May 27, 2010

ඉක්මනට ගමනක් බිමනක් යන්න අපි කවුරුත් ආසයි. වාහනයක යන විට ඉදිරිය, අනික් මං තීරු, වට පිට බලමින්, ඉඩක් සොයමින්, නොඉවසිලිමත් වන්නේ මේ නිසායි. තමන් වාහනයක් පදවගෙන යනව නම් මේ සිතිවිල්ල තවත් ප්‍රභලව මතුවෙනවා, වාහනය වේගයෙන් පදවන්න පටන් ගන්නවා. අද මග තොටේ සිදු වන බොහෝ අනතුරු සිදු වන්නේ මේ නිසායි.

පයින් ගමන් කරන්නන්ද මේවාට සෑහෙන පමණකට වග කිව යුතුයි. එමෙන්ම පයින් යන අයට සුදුසු පදික වේදිකාවක් නැති වීමට බලධාරීන් වග කිව යුතුයි. නමුත් වාහන වැරදි ලෙස පැදවීම නිසා සිදු වන අනතුරු සංඛ්‍යාව අධිකයි. 


මෙලෙස වේගයෙන් යන විට වාහන අතර මහා ධාවන තරඟ මඟ තොටදී ඇතිවන අවස්ථා ඔබ ඔනෑ තරම් දැක ඇති. ඒ අරුත් සුන් තරඟ වල අවසානය මාර්ග අනතුරක් වූ අවස්ථාද දුලභ නැහැ.

මේ වාහන පදවන්නන් අතර ඇතිවන තරඟය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා. අපි කවුරුත් අන් අයට වඩා ඉදිරියෙන් ඉන්න ආසයි. එය සරල ප්‍රාථමික ආශාවක්. වාහන පැදවීමේදීත් මේ තත්වය එසේමයි. පිටුපසින් වාහනයක් පැමිණ ඉස්සර කිරීමට යෑමේදී මෙය රියදුරන් දෙදෙනාගේම මනස තුල වැඩ කරන්න පටන් ගන්නවා. එවිට ඔවුන් දෙදෙනාටම මගීන්, අන් වාහන, පයින් ගමන් කරන්නන්, තමන්ගේම ජීවිතය පවා අමතක වී උන්මාදයෙන් මෙන් තරඟයට පිවිසෙනවා. එය විනාශයකට අත වනන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඔබත් වාහනය පදවන විට මේ විදියට විය හැකි නිසා, සැම විට සිහියෙන් සිටින්න. තව වාහනයක් තමා සමඟ තරඟ කරනවායැයි දැනුන වහාම, මා මේ සූදානම් වන්නේ අර මානසික බන්ධනයට හසුවන්නට නේදැයි සිතන්න. ඔබේ කකුලෙන් ඉබේම ඇක්සලේටරය (Accelerator) බුරුල් වේවි. ඔබට කෙතරම් හදිස්සි වුවත් අනික් වාහනයට යන්න ඉද දේවි.

මතක තබා ගන්න. එලෙස වෙනත් වාහනයකට ඉඩ දීමෙන් ඔබේ පෞරුෂත්වයට කිසිම හානියක් වෙන්නේ නැහැ. සැබැවින්ම එලෙස වාහනයකට ඉඩ දිය හැක්කේ, හොඳ පෞරුෂත්වයක් ඇත්තෙකුට පමණයි. 


වාහනයක් පැදවීමේදී අනුගමනය කිරීමට සුදුසු වෙනත් කරුණු කිහිපයක් මෙන්න,
1. සැම විට ආරක්ෂක පටිය පළඳින්න.
2. කිසිදාක බීමත්ව සිටින විට වාහනයක් පදින්නට සිතන්නවත් එපා.
3. ඔබ වෙහෙසට පත් වී නිදිමත විටත්, තරහෙන් සිටින විටත් වාහනයක් පැදවීමෙන් වලකින්න.
4. මාර්ග නීති හා වේග සීමා අනුගමනය කරන්න. ඒවා ඇත්තේ ඔබේම ආරක්ෂාවටයි.
5. සැමවිට ඔබේ අවධානය මාර්ගය මත රඳවා ගන්න. වාහනය තුල සිදුවෙන අන් යමක්, ජංගම දුරකථනයකට පිළිතුරු දීමට අවධානය වෙනස් කලොත් අනතුරක් සිදු විය හැක.
6. වාහනයේ කෑගහන බොහෝ දෙනෙක් හෝ ස්පීකරයේ වැඩි ශබ්දයක් දමාගෙන ගමන් කිරීමෙන් වලකින්න.
7. ඔබගේ රියදුරු බලපත්‍රය, වාහන ලියාපදිංචිය හා රක්ෂණ සහතිකය ගෙන යන්නට අමතක කරන්නට එපා.



මේ ලිපිය, තම වෑන් රථය අනතුරට පත් වී, එහි සිරවී, පිළිස්සී මිය ගිය මාමණ්ඩී සිහි වීම පිණිසත්, ඉක්මණින් ඔහුට මේ සංසාරයේ ස්ත්‍යවබොධයට වාසනාව ලැබීම පිණිසත් අනුමෝදන් කරමි.

6 comments

  1. Anonymous Says:
  2. Great post!

    When I'm on wheels, I get too excited when some one from the behind starts blow their horns or blink their flashlights unnecessarily. Which also prompts me to accelerate and get into a useless race.

     
  3. Unknown Says:
  4. අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
    අපි www.sriwow.info

     
  5. වටිනා කියන අදහස් කීපයක්. ලංකාවේ මේ වනවිට සිදුවන බොහෝ රිය අනතුරුවලට හේතුව මෙවැනි ඔවදන් පිලි නොපැදීමයි

     
  6. dinesh Says:
  7. බ්ලොග් එකකිනුත් පින් අනුමෝදන් කරන්න පුලුවන් කියල ඔලුවට ආවෙ දැනුයි.

     
  8. Unknown Says:
  9. @laktek, @sriwow, @hasitha, @dinesh, thanks and keep this in mind, always.

     
  10. priyantha Says:
  11. මේ උපදෙස් දීම පිනක් තමා අපිත් FB එකේ publish සපෝට් එකක් දෙන්නම්.

     

Post a Comment

ඔබේ අදහස් වලට මෙන්න ඉඩ...

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader