මීට දින කීපයකට උඩදී පුවත්පතක ගැබ් ගෙල පිළිකා සඳහා එන්නත ලංකාවටත් හඳුන්වාදීම සිදු කල බව දක්නට ලැබුණි. මෙය තවමත් රජයේ ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනට ඇතුල් කිරීමට පවා සිතා නැති වුවත්, ඒ පිළිබඳ ලිපියක් ලිවීමට සිතුවේ එහි ඇති වැදගත්කම නිසාමයි.
මොනවද මේ ගැබ් ගෙල පිළිකා (Cervical Cancer)?
![]() |
ගැබ් ගෙල පිහිටීම (පින්තූරය මෙතනින්) |
මෙම HPV වෛරසය ගැහැනුන්ට මෙන්ම පිරිමින්ටද ලිංගික ස්පර්ශය මගින් බෝවිය හැක. බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් නැති බැවින් මෙය නොදැනීම ආසාධනය වනු ඇත. එමෙන්ම මෙය ආසාධනය වූ සෑම දෙනෙක්ටම ලිංගාශ්‍රිත ඉන්නන් ඇතිවන්නේ නැති නමුත්, එය ලිංගික පද්ධතියට ඇතුල් වී හානි සිදු කල හැක. ඒවාගේම රෝග ලක්ෂණ නැති අය මෙය වෙනත් කෙනෙකුට නොදැනීම බෝ කල හැක.
මෙසේ සමාජයේ ව්‍යාප්ත HPV වෛරසයට ලිංගික ඉන්නන් මෙන්ම ඊට වඩාත් භයානක ගැබ් ගෙල පිළිකා ඇති කල හැකි නිසා, එය ආසාධනය වැලැක්වීමටත්, බෝවීම වැලැක්වීමටත් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම ඉතා වැදගත් පියවරකි.
ඇමෙරිකාව(2007), බ්‍රිතාන්‍යය(2008), ඕස්ට්‍රේලියාව(2007), කැනඩාව(2007) ඇතුලු තවත් රටවල් සියයකට වැඩි ප්‍රමාණයක් දැනටමත් මෙම ගැබ් ගෙල පිළිකා සඳහා වන එන්නත පිළිගෙන තම සෞඛ්‍යය වැදසටහන් වලට එකතු කර ගෙන ඇත. මූලිකවම වයස 9ත් 25ත් අතර වයසේ HPV ආසාධනයට තවමත් ලක් නොවූ ගැහැණු ළමයින්ට නිර්දේශ වුවත්, රට රටවල් අනුව එම වයස වෙනස්වීම් පෙනේ. කෙසේ වෙතත් පිරිමි ළමයින්ටද අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත මෙය ලබා ගත හැක.
![]() |
පින්තූරය මෙතනින් |
මෙම එන්නත බෙභෙත් විදීම (injection) තුනක් ලෙස මාස හයක කාලයක් තුලදී ලබා දෙයි.
අවාසනාවකට මෙම එන්නත විදීමට පෙර සිටත් HPV වෛරස ආසාධනයට ලක් වූ අයට කිසිදු බලපෑමක් කිරීමට අසමත් වෙයි.
එනිසා පළමු ලිංගික හැසිරීමකට පෙර මෙම එන්නත විද ගැනීම රෝගය වැලැක්වීමේ හොඳම ක්‍රමයයි.
අනික් වැදගත් කරුණ වන්නේ මෙම එන්නත ගැබ් ගෙල පිළිකා වලින් 70% සාදන HPV වර්ග කීපයට(type 16,18) පමණක් සීමා වීමයි. එනිසා මෙම එන්නත විද ගත්තද, පසු කාලීනව වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට "පැප් ස්මියර්" (Pap Smear) නම් ගැබ් ගෙල පිළිකා මුල් අවධියේම හඳුනා ගත හැකි පරීක්ෂණයට යොමු වීම අමතක නොකල යුතු ය.
ඒ ආකාරයෙන් බලන විට ගැබ් ගෙල පිළිකා ඇතුලු අනික් ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය ලිංගික ක්‍රියාකාරී නොවී සිටීමයි (Abstinence).
ලිංගිකව ක්‍රියාකාරී අයට කොන්ඩම් (Condom) මගින් යම් තරමකට ආරක්ෂාවක් සැලසේ. එසේ වුවත් කොන්ඩම් වලට පිටතින් ඇති සම ස්පර්ෂයෙන් ඉන්නන් බෝ විය හැකි නිසාත්, ඒවා පිපිරිය හැකි නිසාත් HPV වැළ්ඳීමට ඉඩ ඇත.
එමෙන්ම ගැබ් ගෙල පිළිකා ඇතිවීම වැලැක්වීමට ගත හැකි ඉතා වැදගත් වූ අනික් පියවර නම් පවුල නමැති ඒකකය තුල බිරිඳ මෙන්ම සැමියාත් රැඳී සිටීමයි.
මෙම එන්නත HPV වලට අමතරව වෙනත් ලිංගිකව බෝවන රෝග කිසිවකින් ආරක්ෂා නොකරයි.
අතුරු ඵල -
මෙම HPV එන්නතින් ඇතිවුනොත් ඇතිවන්නේ සුලු අතුරු ඵල පමණයි. විදීම කල තැන ඉදිමීම, සුලු වේදනාවක් දැනීම, හෝ හදිස්සියේම ඇතිවන ක්ලන්ත ගතිය මීට නිදසුනුයි.
කීප දෙනෙකුට අනික් එන්නත් වලදී මෙනම මෙහිදීද ආසාත්මිකතාවයක් ඇති විය හැක.
මේ පිළිබඳ ඔබට ඇති වෙනත් ප්‍රශ්ණ පවුලේ වෛද්‍යවරයා හමුවී නිරාකරණය කර ගන්න.
References -
eMedicine - Cervical Cancer
WebMD - Cervical Cancer Health Centre
Daily News Online - Cervical Cancer Vaccine launched in Sri Lanka
We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
Thanks
Admin
http://blogsinhala.com/