If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

ලේ දන් දීම (Blood Donation)

ලියුවේ Unknown June 14, 2010 10 comments

රුධිර පාරවිලයනය ජීවිත බේරන අතරම රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි කරයි. අවාසනාවකට අනතුරක් නැති රුධිරය නිසි වේලාවට ලබා ගැනීමේ පහසුකම්, ලේ අවශ්‍ය ලොව පුරා මිලියනයක පමණ ජනතාවකට අහිමි වී ඇත.

ඔබ දැනසිටියාද?

  • අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි.
  • දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ.
  • සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.
  • ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
  • රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත.
makelessnoise (Flikr)

  • ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.
  • අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.
    ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. 
  • රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි.
  • පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
  • එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක.
  • රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ.
  • පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි.
  • රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි.
  • නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි.
  • සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි.
  • ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී.
    මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
montuno (Flickr)
  • දැන් අවශ්‍ය ලේ සංඝටකය පමණක් උකහා ගෙන අනික් ලේ නැවත දායකයා වෙතම ලැබෙන ඒපෙරසිස් (Apheresis) නම් වූ විශේෂිත ක්‍රමයක් ඇත. 
  • දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ව යටතේ දින හතළිස් දෙකක් ගබඩා කොට තබා ගත හැක.
  • රුධිර පට්ටිකා දින පහක් පමණ සම්මත තත්ව යටතේ පවත්වා ගත හැක.
  • අධිශීත කල රුධිර ප්ලාස්මාව වසරක් පමණ පවත්වා ගත හැක.
    සාමාන්‍ය රුධිර පාරවිලයනයක (Blood Transfusion) ප්‍රමාණය පයින්ට් 2-3 අතර වේ.
  • පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.
  • රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.
  • තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ.
  • ලබා ගත් රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර පරීක්ෂණ ගණනාවක් මගින් එම රුධිරය හානිකර නැති බව තහවුරු කරනු ලැබේ.
  • ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.
  • ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ, අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.
  • ලේ බැංකු බොහෝ විට O හා B ලේ වර්ග වල හිඟතාවයෙන් පෙළෙයි.
  • දුර්ලභම ලේ වර්ගය වන්නේ රෝගියෙකුට අව්ශ්‍ය විට බැංකුවේ නැති ලේ වර්ගයයි.
  • මිනිස් රුධිරය සඳහා වෙනත් කිසිදු ආදේශකයක් නොමැත.
  • ලේ දන් දෙන සෑම කෙනෙක්ම අවම වශයෙන් අවුරුද්දකට වාර තුනක් ලේ ලබා දුනහොත් බැංකුවල ලේ හිඟයන් දුර්ලභ සිද්ධි බවට පත් වනු නොඅනුමානයි. (දැනට සාමන්‍යය වාර දෙකයී
  • ලාංකීයයන් තවත් සියයට එකකින් ලේ දන් දෙන ප්‍රමාණය වැඩි කලොත්, ලේ හිඟයන් අතීත බියකරු සිහිනයන් පමණක් වනු ඇත.
    වයස අවුරුදු 18 සිට වයස 60 වනතෙක් සෑම මාස හතරකටම වරක් ලේ දන් දුන්නොත් ඔබ ජීවිත කාලයේදී ගැලුම් 15.75 ලේ පරිත්‍යාග කොට තිබේ.
Charles Haymond (Wikimedia)
  • රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සැකෙවින්,
    අතීත වෛද්‍ය තොරතුරු විමර්ෂණය
    කෙටි සිරුර පරීක්ෂාව
    රුධිර දායාදය
    විවේකය හා සුලු ආහාරයක් ගැනීම. 
  • ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.
  • ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.
  • ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.
  • මිනිසෙකුගේ සිරුර තුල සාමාන්‍ය්යෙන් ලේ පයින්ට් 10 ක් පමණ ඇත.
  • සිරුරේ බරින් 7% පමණ ලේ නිසායි.
  • අලුත උපන් දරුවෙකුගේ සිරුර තුල ලේ කෝප්පයක් පමණ සුලු ප්‍රමාණයක් ඇත.
  • ලේ පරිත්‍යාගයෙන් ඔබේ ශරීර ශක්තියට හෝ ජවයට කිසිදු හානියක් නොවේ.
  • ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් සංවිධානයට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට ඍජුවම ජාතික ලේ පාරවිලයන සේවය සමග ස්ම්බන්ධ විය හැක.
  • මෙසේ සමාගම්, පාසැල්, පල්ලි/පන්සල් මගින් සාර්ඨකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සපිරේ.
  • ලේ පරිත්‍යාග කරන්නවුන් එය ස්ව කැමැත්තෙන්ම කරනු ලබයි.
  • ඔබත් හැකිනම් ඔබේ ජීවිතයෙන් පැයක් ලේ දන්දීමට ලබා දී තවත් ජීවිත තුනක් බේරා ගන්න!


ඔබට ලේ පරිත්‍යාග කිරීමට හැකි ක්‍රම -
1) ලේ ලබා ගැනීමේ පහසුකම් ඇති ජාතික ලේ බැංකුවකට හෝ ඒවායේ ශාඛාවකට ගොස් පරිත්‍යාග කිරීමෙන්
2) වසර පුරා රට පුරා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරු වලට සහභාගී වීමෙන්
3) Dialog දුරකථනයක් ඇත්නම් Blood සටහන් කොට 7777ට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්


ජූනි 14වනදාට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනය නිමිත්තෙන් මගේ පරිත්‍යාගයයි.
ආශ්‍රය,
National Blood Transfusion Service, Sri Lanka 
WHO - World Blood Donor Day 2010

විශ්වාස නැද්ද? රැඳී සිට, වතුරට කරන්නට පුලුවන් විජ්ජා 7ක් ඉගෙන ගන්න.


වතුර කෙට්ටු වීමට බෙහෙතකි.

(Laureen Middley/Iconica)
ඔබත් බර අඩුකිරීමට උත්සාහ කරනවාද? ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි කර, වතුර ඊට උදව් වේවි. ඒ වගේම වතුර නිසා බඩ පිරී නිතරම ඇතිවන බඩගින්න නැති වේවි. ශක්තිජනක වෙනත් බීම වෙනුවට වතුර ආදේශ කර සිරුරට එකතු වන කැලරි ප්‍රමාණය අඩු කරගන්න. ඒ වාගේම කෑම වේලකට පෙර වතුර වීදුරුවක් ගත්තොත් බඩ ඉක්මනින් පිරී ගන්නා ආහාර ප්‍රමාණය අඩු වේවි.
වතුර වැඩිපුර ගත් විට පරිවෘත්තීය පද්ධතියද වැඩියෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බිවූ වතුර සීතල නම් වතුර ප්‍රශස්ත මට්ටමට රත් කර ගැනීමට තවත් කැලරි ටිකක් වැඩියෙන් දහනය කිරීමට සිදුවේ.

වතුර ඔබේ ජවශක්තිය වැඩි කරයි.
(Veronique Beranger/Self-Photos)
ඔබ ඈලි, මෑලි දුබල ගතියකින් පෙලෙන්නේ නම්, ගන්න වතුර වීදුරුවක්. එය හොඳම ශක්තිජනක පානයකි. විජලනයයි ඔබ බොහෝ ලෙස තෙහෙට්ටු බව දැනීමට හේතුව.
ලේ මගින් ඔක්සිජන් මෙන්ම අනික් අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනයට වතුර උදව් කරයි.
ඔබ අවශ්‍ය තරම් වතුර ගන්නේ නම් හදවතටත් එතරම් වෙහෙසකින් තොරව ක්‍රියා කර සිරුර පුරා ලේ විහිදුවා හැරිය හැක.


මානසික ආතතිය අඩු කිරීමට - වතුර
මිනිස් මොළය 85%ක කොටසක් ජලය යි. ඔබ විජලනයෙන් පසු වන විට සිරුරත්, මනසත් ආතතියට ලක්වී පවතී.
ඔබට තිබහක් දැනෙනවිටදී ඇත්තටම ඔබ සුලු වශයෙන් විජලන තත්වයක පසුවෙයි.
එනිසා ආතතිය අඩු කිරීමට මේසය මත වතුර වීදුරුවක් තියා ගෙන උගුරු කිහිපයක් නිතරම බොන්න.


(Patrick Giardino/Image Bank)
නියම මාංශ පේශි වර්ධනයට ජලය අත්‍යාවශ්‍යයි
වතුර බීම පේශි කෙණ්ඩා පෙරළීම වලක්වන අතරම හන්දි ස්නේහන ස්‍රාවය මගින් හොඳින් ලිස්සා යෑමට සලස්වයි.
වතුර බී යහපත් සජලන තත්වයකින් සිටින විට ඔබට වඩාත් දිගු වේලාවක් හොඳින් වෙහෙසී ව්‍යායාම කිරීමට හැකි වෙයි.



(John Shotwell/Stone)
ජලය සම පෝෂණය කරයි.
හමේ රැළි වැටීම වඩාත් වැඩියෙන් විජලනය වූ අවස්ථා වලදී පෙනේ.
වතුර බොන විට සජලනය වූ සමේ සෛල, මහත් වී ඔබේ මුහුණට වඩාත් තරුණ පෙනුමක් ලබාදෙයි. ස්වභාව ධර්මයා විසින් නිපදවන ලද හොඳම සම රැක ගැනීමේ ආලේපනය ජලයයි.
ඒ වගේම සමේ ඇති අපවිත්‍රතාවන් ඉවත් කර, සමේ රුධිර පරිවහනය වැඩිකර මුහුණට පිරිසිඳු, පැහැපත්, දීප්තිමත් බවක් ලබා දෙයි.


වතුර බොන්න, මල බද්ධයෙන් වලකින්න.
තන්තු සහිත ආහාර අනුභවය හැරුණු විට මල බද්ධය වැලක්වීමට එලෙසම වැදගත් වන්නේ වතුර වැඩිපුර බීමයි. වතුර ආහාරවල බහිස්‍රාවීය අතුරුඵල දියකර ආහාර මාර්ගය දිගේ පහසුවෙන් යෑමට සලස්වයි.
විජලන අවස්ථාවකදී සිරුර සියලු වතුර අවශෝෂණය කර, මහා අන්ත්‍රය වියළී මල බැහැර කිරීම අපහසු කරයි.

(Ethan Welty/Aurora)
වතුර මුත්‍රා ගල් අඩු කරයි.
ප්‍රමාණවත්ව ජලය පානය නොකිරීම නිසා, ළමයින්ට පවා වේදනාකාරී මුත්‍රා ගල් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතී.
මුත්‍ර ගල් සෑදීමට හේතුවන මුත්‍ර වල ඇති ඛණිජ හා ළවණ ද්‍රව්‍ය, වතුර මගින් තනුක කරනු ලැබේ.
මුත්‍ර ගල් තනුක මුත්‍ර වල සෑදීමට ඉඩ නැති නිසා, වතුර බීමෙන් මුත්‍ර ගල් අඩුකරගන්න.



ඔබ ප්‍රමාණවත් තරම් වතුර බොනවාද?
(Charly Franklin/Taxi)
සාමාන්‍යයෙන් දවසකට වතුර වීදුරු 8ක් පමණ බීමට සුදුසු බව පෝෂණවේදීන්ගේ පොදු මතයයි.
ඔබ ව්‍යායාම කරනවා නම් හෝ දැඩි දහඩියට ලක්වන්නේනම් මීට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ඔබ වෙනත් බීම නිතර පානය කරන්නේ නම් වතුර අඩු ප්‍රමාණයක් ඇතිවේ.



ඔබ බීමට ගන්නේ මොන ආකාරයෙන් ලැබෙන ජලයද?
What type of water do you usually drink?)



මීට දින කීප‍යකට උඩදී පුවත්පතක ගැබ් ගෙල පිළිකා සඳහා එන්නත ලංකාවටත් හඳුන්වාදීම සිදු කල බව දක්නට ලැබුණි. මෙය තවමත් රජයේ ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනට ඇතුල් කිරීමට පවා සිතා නැති වුවත්, ඒ පිළිබඳ ලිපියක් ලිවීමට සිතුවේ එහි ඇති වැදගත්කම නිසාමයි. 

මොනවද මේ ගැබ් ගෙල පිළිකා (Cervical Cancer)?
ගැබ් ගෙල පිහිටීම (පින්තූරය මෙතනින්)
ගැබ් ගෙල පිළිකා හටගන්නේ ගැබ් ගෙල (ගර්භාෂය/Uterus හා යෝනි මාර්ගය/Vagina යා කරන නාලය ) ඇතිරුණු සෛල වලිනි. මෙය අතිකරන වෛරසය (Human Papilloma Virus - HPV) ලිංගික ප්‍රදේශයන්හි ඉන්නන්ද (Warts) ඇතිකරන සුලභ ලිංගිකව බෝවන රෝග කාරකයකි.

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader