If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

Showing posts with label ප්‍රශ්න. Show all posts
Showing posts with label ප්‍රශ්න. Show all posts

ලේ දන් දීම (Blood Donation)

ලියුවේ Unknown June 14, 2010 10 comments

රුධිර පාරවිලයනය ජීවිත බේරන අතරම රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි කරයි. අවාසනාවකට අනතුරක් නැති රුධිරය නිසි වේලාවට ලබා ගැනීමේ පහසුකම්, ලේ අවශ්‍ය ලොව පුරා මිලියනයක පමණ ජනතාවකට අහිමි වී ඇත.

ඔබ දැනසිටියාද?

  • අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි.
  • දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ.
  • සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.
  • ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
  • රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත.
makelessnoise (Flikr)

  • ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.
  • අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.
    ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. 
  • රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි.
  • පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
  • එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක.
  • රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ.
  • පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි.
  • රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි.
  • නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි.
  • සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි.
  • ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී.
    මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
montuno (Flickr)
  • දැන් අවශ්‍ය ලේ සංඝටකය පමණක් උකහා ගෙන අනික් ලේ නැවත දායකයා වෙතම ලැබෙන ඒපෙරසිස් (Apheresis) නම් වූ විශේෂිත ක්‍රමයක් ඇත. 
  • දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ව යටතේ දින හතළිස් දෙකක් ගබඩා කොට තබා ගත හැක.
  • රුධිර පට්ටිකා දින පහක් පමණ සම්මත තත්ව යටතේ පවත්වා ගත හැක.
  • අධිශීත කල රුධිර ප්ලාස්මාව වසරක් පමණ පවත්වා ගත හැක.
    සාමාන්‍ය රුධිර පාරවිලයනයක (Blood Transfusion) ප්‍රමාණය පයින්ට් 2-3 අතර වේ.
  • පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.
  • රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.
  • තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ.
  • ලබා ගත් රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර පරීක්ෂණ ගණනාවක් මගින් එම රුධිරය හානිකර නැති බව තහවුරු කරනු ලැබේ.
  • ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.
  • ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ, අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.
  • ලේ බැංකු බොහෝ විට O හා B ලේ වර්ග වල හිඟතාවයෙන් පෙළෙයි.
  • දුර්ලභම ලේ වර්ගය වන්නේ රෝගියෙකුට අව්ශ්‍ය විට බැංකුවේ නැති ලේ වර්ගයයි.
  • මිනිස් රුධිරය සඳහා වෙනත් කිසිදු ආදේශකයක් නොමැත.
  • ලේ දන් දෙන සෑම කෙනෙක්ම අවම වශයෙන් අවුරුද්දකට වාර තුනක් ලේ ලබා දුනහොත් බැංකුවල ලේ හිඟයන් දුර්ලභ සිද්ධි බවට පත් වනු නොඅනුමානයි. (දැනට සාමන්‍යය වාර දෙකයී
  • ලාංකීයයන් තවත් සියයට එකකින් ලේ දන් දෙන ප්‍රමාණය වැඩි කලොත්, ලේ හිඟයන් අතීත බියකරු සිහිනයන් පමණක් වනු ඇත.
    වයස අවුරුදු 18 සිට වයස 60 වනතෙක් සෑම මාස හතරකටම වරක් ලේ දන් දුන්නොත් ඔබ ජීවිත කාලයේදී ගැලුම් 15.75 ලේ පරිත්‍යාග කොට තිබේ.
Charles Haymond (Wikimedia)
  • රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සැකෙවින්,
    අතීත වෛද්‍ය තොරතුරු විමර්ෂණය
    කෙටි සිරුර පරීක්ෂාව
    රුධිර දායාදය
    විවේකය හා සුලු ආහාරයක් ගැනීම. 
  • ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.
  • ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.
  • ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.
  • මිනිසෙකුගේ සිරුර තුල සාමාන්‍ය්යෙන් ලේ පයින්ට් 10 ක් පමණ ඇත.
  • සිරුරේ බරින් 7% පමණ ලේ නිසායි.
  • අලුත උපන් දරුවෙකුගේ සිරුර තුල ලේ කෝප්පයක් පමණ සුලු ප්‍රමාණයක් ඇත.
  • ලේ පරිත්‍යාගයෙන් ඔබේ ශරීර ශක්තියට හෝ ජවයට කිසිදු හානියක් නොවේ.
  • ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් සංවිධානයට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට ඍජුවම ජාතික ලේ පාරවිලයන සේවය සමග ස්ම්බන්ධ විය හැක.
  • මෙසේ සමාගම්, පාසැල්, පල්ලි/පන්සල් මගින් සාර්ඨකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සපිරේ.
  • ලේ පරිත්‍යාග කරන්නවුන් එය ස්ව කැමැත්තෙන්ම කරනු ලබයි.
  • ඔබත් හැකිනම් ඔබේ ජීවිතයෙන් පැයක් ලේ දන්දීමට ලබා දී තවත් ජීවිත තුනක් බේරා ගන්න!


ඔබට ලේ පරිත්‍යාග කිරීමට හැකි ක්‍රම -
1) ලේ ලබා ගැනීමේ පහසුකම් ඇති ජාතික ලේ බැංකුවකට හෝ ඒවායේ ශාඛාවකට ගොස් පරිත්‍යාග කිරීමෙන්
2) වසර පුරා රට පුරා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරු වලට සහභාගී වීමෙන්
3) Dialog දුරකථනයක් ඇත්නම් Blood සටහන් කොට 7777ට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්


ජූනි 14වනදාට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනය නිමිත්තෙන් මගේ පරිත්‍යාගයයි.
ආශ්‍රය,
National Blood Transfusion Service, Sri Lanka 
WHO - World Blood Donor Day 2010

ඔබ වෛද්‍යවරයෙක් හමුවෙන්නට ගිය විටදී වෛද්‍යවරයා අසන රෝග විනිශ්චයට අදාල ප්‍රශ්න වලට කොතෙකුත් පිළිතුරු දී ඇති. නමුත් ඔබ පෙරලා වෛද්‍යවරයාගෙන්, රෝගය පිළිබඳ කෙතරම් ප්‍රශ්න අසනවාද?
ප්‍රශ්න අසන්න. සත්‍ය වශයෙන්ම අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අසන්නට ඔබට සෑම අයිතියක්ම තිබේ. අදාල රෝගී තත්වය, ගිලන් වූ ශරීරය සමඟ ගෙදර යන්නේ ජීවත්වන්නේ ඔබයි, වෛද්‍යවරයා නොවේ.


මේ ප්‍රශ්න ඔබට වෛද්‍යවරයා සමග සුහදතාවයක්, මිත්‍රත්වයක් හා විශ්වාසනීයත්වයක් වර්ධනය වීමටත් එමගින් සාර්ථකව වෛද්‍ය ගැටලුව සාකච්චා කිරීමටත් උදව් වේ. රෝගය පිළිබඳව වෛද්‍යවරයාගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳව කල් ඇතිව සූදනම් වී පැමිණීම වැදගත්ය. වෛද්‍යවරයාට පැවසිය යුතු තොරතුරු හා ඔහුගෙන් දැනගත යුතු කරුණු පිළිබඳව කල්තියාම කොලයක සටහන් කරගෙන පැමිණීම ඉතා හොඳ පුරුද්දකි. ඒ සෑම ප්‍රශ්නයක්ම ඇසිය යුතු නොවුනත් ඔබට එම ප්‍රශ්න මතක තබා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
Picture from here.


රෝගය හෝ රෝග ලක්ෂණ පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
මට හැදිල තියෙන ලෙඩේ මොකක්ද?
මේ ලෙඩේ හැදීමට හේතු මොනවද?
මේ ලෙඩේ ගැන තව පැහැදිලි කරන්ට පුලුවන්ද? රූපයකින් පෙන්නන්නට පුලුවන්ද?
මේ ලෙඩේ බරපතලද?
මගෙන් කාටවත් මේක බෝවිය හැකිද? කොච්චර කල් යනකල් බෝවීමේ හැකියාව තියනවද?
මේක නිසා මම පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද? හොඳ වෙනකල් කන්නට නුසුදුසු ආහාර මොනවාද?
මට ආපහු පාසැල් යන්න හෝ වැඩට යන්න පුලුවන් කවද්ද?
මේ ලෙඩේ ආපහු හැදීමෙන් මම ආරක්ෂා වෙන්නෙ කොහොමද?

Picture from here

බෙහෙත් පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
මේ බෙහෙතෙන් මොනවද වෙන්නෙ?
කොච්චර කල් මම බේත ගන්න ඕනැද?
මම මේක ගත්තෙ නැත්නම් මොනව වෙයිද?
මේ බෙහෙතෙ අතුරු එලයන් මොනවද?
හදිස්සියෙවත් මට බෙහෙත් වරුවක් මග ඇරුනොත් මොනවද කරන්නෙ?
මේ බෙහෙතෙන් ප්‍රථිඵලයක් නැති බව දැනුනොත් මම තව කොච්චරකල් ඒකම ගන්න ඕනැද?


පරීක්ෂණ පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
ඇයි මේ පරීක්ෂණය කරන්නෙ?
මේ පරීක්ෂණ නොකලොත් එයින් ඇති බලපෑම මොකක්ද?
මේ පරීක්ෂණයේ වෙන්න පුලුවන් අනතුරු මොන්වාද?
මට රිදෙයිද? වේදනාව අඩු කරන්න මොනවත් නැද්ද?
මේ පරීක්ෂණය මෙතනම කරන්න පුලුවන්ද. නැත්නම් වෙනින් රසායනාගාරයක්/රෝහලක් වෙත යා යුතුද?
මේ පරීක්ෂණයේ අතුරු එලයන් මොනවද?
මම පරීක්ෂණයට සූදනම් විය යුත්තේ කොහොමද?
ප්‍රථිඵල මොනවා වුනොත්ද මම නැවත දැන්විය යුත්තේ?


රෝගී පරීක්ෂාව අවසානයේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් වලට අමතරව ඒ පිළිබඳ යම් සැකයක් ඇතිනම් පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න ඇසීමට ඔබට පූර්ණ අයිතියක් ඇත. ඔබ අසන ප්‍රශ්නයෙන් උරණ වන වෛද්‍යවරයා හොඳ වෛද්‍යවරයෙක් නොවේ.


වෛද්‍ය-රෝගී හමුවකදී, සායනයකදී හෝ රෝහලකදී සිටින වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ ඔබයි, වෛද්‍යවරයා නොවෙයි. වෛද්‍යවරයාගේ මූලික අරමුණ විය යුත්තේ රෝගියා හා ඔහුගේ ඥාතීන් සෑහීමකට, සතුටට පත් කිරීමයි. ඔහුට රෝගියා කරදරයක් නොවේ. මන්ද යත් ඔහු ජීවත්වන්නේ රෝගියාට සුවසෙත සැලසීමට බැවිනි.
Picture from here


ඔබ ප්‍රශ්න අසන විට තව තවත් රෝගය ගැන අවබෝධය වැඩි වේවි. රෝගය පිළිබඳ අවබෝධය, එය ඉක්මනින් පාලනය කිරීමටත් ඉදිරියේදී පරිස්සම් වීමටත් හේතු වේවි.

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader