ව්‍යායාම කිරීම ඇඟට හොඳයි කියා ඔබ නොයෙකුත් විටදී අසා ඇති. ඒත් දන්නවද ව්‍යායාම කිරීමෙන් ඇඟට නියම සුව ගතියකුත් දැනෙනවයි කියා? සමබර ව්‍යායාම වල යෙදීම මගින් සිරුරේ ශක්තිය ප්රශස්ත මට්ටමකට පත් කරමින්, mood එක නැත්නම් මනෝභාවය වැඩි කිරීමටත් හේතු වෙනවා.
ව්‍යායාම කිරීමෙන් ලැබෙන අනිකුත් ප්රතිලාභ,
* ව්‍යායාම සිරුරේ සෑම තැනකටම,(හිතත් ඇතුලුව ) ප්‍රයෝජනයක් සලස්වනවා. ව්‍යායාම නිසා ශරීරයේ නිපදවන Endorphins වැනි රසායනික ද්‍රව්‍ය කෙනෙකුගේ සතුටු සාමකාමී බව වැඩි කරවනවා, සුවසේ නිදා ගැනීමට සලස්වනවා. තමන් ගැන හීනමානයෙන් හා කනස්සල්ලෙන් සිටින පුද්ගලයන්ටද ව්‍යායාම උදව් වෙනවා, ස්වයං කෞශල්‍යය පිළිබඳ විශ්වාසයකුත් ඇති කරනවා.
* ව්‍යායාම ඔබව තවත් ලස්සන කරනවා. ඒ වැඩිපුර තියෙන ශක්තිය දහනය වී, පේශීන් වර්ධනය වී ශක්තිමත් බවක් පෙන්වීමෙන්.
* ව්‍යායාම තරබාරුවට නොවරදින බෙහෙතක්. ව්‍යායාම කොට බර නිසි අගයක පවත්වා ගැනීම දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග වැළඳීමෙන් ආරක්ෂා කරනව.
* වයසට ගිය විටත් සිරුර හොඳින් පවත්වා ගැනීමට දැන් ඔබ කරන ව්‍යායාම හේතු වෙනව. මේක දැන් එච්චර නොතේරුනත් විශ්වාස කරන්න, ඔබේ සිරුර ඒ කාලෙදී ඔබට ස්තුති කරාවි. ගැහැණුන්ට විශේෂයෙන් වයසට ගියාම හැදෙන්න පුලුවන් අස්ථි රෝග වලින් වැලකීමට තරුණ කාලයේදී අස්ථි වලට බර දරාසිටීමේ ව්‍යායාම කර තිබීම ඉතා වැදගත්.
ව්‍යායාම කිරීමට උපදෙස් -
* රූපවාහිනිය බලන විටත් ව්‍යායාම කරන්න පුලුවනි. එක තැන දිවීම හෝ රිද්මයානුකූල ව්‍යායාම (Aerobics) මේ සඳහා උදාහරණයි.
* ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවකට නගින විට හැකි තාක් තරප්පු පෙළ (stairs) භාවිතා කරන්න. (සෝපානය වෙනුවට )
* ව්‍යායාම කරන්නට යෑමේදී තවත් යාලුවෙක් හවුල් කර ගන්න.
* ඇඟ වෙහෙසී ව්‍යායාම කිරීමට සිදුවන ක්‍රියාකාරකම්/සමිති වලට සම්බන්ද වන්න.
* ව්‍යායාම වීඩියෝ පටයක් බලන්න- සමහර ඒවා බොහොම විනෝදජනකයි.
* ඔබට සුරතල් බල්ලෙක් ඉන්නව නම්, එයත් එක්කගෙන දුර ඇවිදින්න යන්න- දෙදෙනාටම හොඳ ව්‍යායාමයක්.
* ප්‍රීති සාදයක නටන්නට සිදු වුවහොත්, පුලුවන් තරම් වෙලා නටා විනෝද වන්න.
* ගෙදර වැඩපළ වලදී උදව් වන්න. විශ්වාස කරන්න, ගේ/මිදුල අතුගෑම, රෙදි සේදීම පහසුවෙන් කරන්නට පුලුවන් හොඳ ව්‍යායාමයි.
* මතක් කරලා ව්‍යායාමයක් තීරණය කිරීමේදී, ඔබට සතුටු විය හැකි විනෝදජනක එකක් තෝරා ගන්න.
සමබර ව්‍යායාම රටාවක තිබිය යුතු අංග කිහිපයකි. ඒවා නම් ස්වායු ව්‍යායාම(aerobic exercise), කාය බලය දියුණු කිරීමේ ව්‍යායාම(strength training) හා නම්‍යශීලීතාවය ඇති කරනා ව්‍යායාම(flexibility training) යන ත්‍රිත්වයයි. ඒවා පිළිබඳ තවත් විස්තර පසුව ගෙන දෙන්නම්.
Racism "Elected"
14 years ago
nice work..keep on..
මගෙන් සුභ පැතුම්!!!
ජයවේවා!!!