If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

අප බොහෝ දෙනෙක් හුස්ම ගන්නේ නොදැනුවත්වම වාගේයි.ඇස් පිය ගහනව වගේ, ගිලිනව වගේ - අපි ඒ ගැන කිසිම සිතිවිල්ලක් යොදවන්නේ නෑ. නමුත් මොහොතකට හිතන්න ඔබට හැම හුස්මක් ගන්නටම බොහොම උත්සාහයක් දරන්නට සිදුවුවහොත්, අන්න එයයි ඇදුම රෝගියෙකුගේ ජීවිතය.

ඔබට ඇදුම අත්නම්, එය උත්සන්න වූ විට, අත්තටම හුස්ම අල්ලන්න බැරි වන්නට පුලුවන්. ඇදුම සෑදීමේ ආසාත්මිකතාව අති කරන (මල් රෙණු, දූවිලි, පිහාටු කෙඳි, කරපොතු බෙටි, වී කුඩු, පින්න ) වැනි කුඩා අංශු නිසා ශ්වසන මාර්ග ඉදිමී හකිලෙන්නට පටන්ගැනීම පෙනහළු තුලට වාතය අතුලු වීම සීමා කරනව. සමහර කට්ටිය මේක බටයකින් හුස්ම ගන්නව වගේ කියනව, හරියට මාලුවෙක් ගොඩදි හුස්ම ගන්න හදනව වගේලු.

from here


ලංකාවේ ඇදුම රෝගීන් ගනන ලක්ෂ පහකට ආසන්නයි, මුලු ලෝකයේම මිලියන 300කට මේ දරුණු, දිගු කාලීන රෝගය අතියි විශ්වාස කෙරේ. ඒ වුනත් සුභාරංචිය වන්නේ මෙයට ප්‍රතිකාර කිරීමට නිර්දේශ හා නිශ්චිත බෙහෙත් දැන් සොයා තිබීමයි.
ඇදුම නිර්ණය කිරීමේ ප්‍රධාන රෝග ලක්ෂනය හුස්ම පිටකිරීමේදී ඇති වන "රාං රූං"ශබ්දයයි. මීට අමතරව, හුස්ම පිටකිරීමේ අපහසුව, හතිය, කස්ස හා රෝගය උත්සන්න වූ විට කතා කරන්නට පවා නොහැකිවීම දැකිය හැකියි.

ඇදුම රෝගය මුල් වරට ඇති වූ විට නිවසේදී ප්‍රතිකාර කිරීම නුවණට හුරු නැත. වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. ඔබෙ වෛද්‍යවරයා රෝග විනිෂ්චය කොට සුදුසු බෙහෙත් වර්ගයක් නියම කරාවි. වැලඳි ඇත්තේ ඇදුම බව සොය ගත් පසුව නිවසේදීම ප්‍රතිකාර කිරීම වදගත් වේ. රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර ගන්නේ නම් රෝගය ඉක්මනින් සුව කර ගත හැකිය.

ඇදුම සෑදුනු රෝගියෙක් නිදි කර තැබීමට වඩා වාඩි කර තැබීම හුස්ම පිට කිරීම පහසු කරවයි. රෝගියා කලබල වීම රෝගය උත්සන්න කරවයි. එනිසා රෝගියා මෙන්ම පවුලේ අන් අයද සන්සුන් කල යුතුය.
ඇදුම රෝගය වැලඳීමට තුඩු දෙන රෝග කාරක (සුරතල් සතුන්, නිවසේ දූවිලි, පින්න, සිගරට් දුම්) වලට රෝගියා නිවාරණය වීම වැලක්වීමට පියවර ගැනීමද ප්‍රතිකාරයේ වැදගත් කොටසක්.

නිසි පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරයා නියම කරන ප්‍රතිකාර පෙති හෝ කරල් ලෙසද නත්නම් ආග්‍රාහක ලෙසද විය හැක.
ඇදුම උත්සන්න වූ විට ඔක්සිජන් වායුව හා ආග්‍රාහක ඖෂධ නෙබියුලයිසර් යන්ත්‍රයක් මගින් ලබා දීම හෝ ඖෂධ කෙලින්ම ශිරා මගින් රුධිරයට එක් කල හැක.

නිතිපතා නියම කල ප්‍රතිකාර එලෙස ගනීම වැදගත් වේ. ඇදුමට ඉක්මන් ප්‍රතිකාර නොකලහොත් කල් යන විට පෙනහලු හා ශ්වසන නාලවල සුව කල නොහැකි ආබාධ ඇතිවිය හැක.

ඇදුමට ඔබ පාලනය කිරීමට නොදී, ඔබ ඇදුම හොඳින් පාලනය කරන්නට පුරුදු වන්න.

from here.

0 comments

Post a Comment

ඔබේ අදහස් වලට මෙන්න ඉඩ...

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader