If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

ඔබ වෛද්‍යවරයෙක් හමුවෙන්නට ගිය විටදී වෛද්‍යවරයා අසන රෝග විනිශ්චයට අදාල ප්‍රශ්න වලට කොතෙකුත් පිළිතුරු දී ඇති. නමුත් ඔබ පෙරලා වෛද්‍යවරයාගෙන්, රෝගය පිළිබඳ කෙතරම් ප්‍රශ්න අසනවාද?
ප්‍රශ්න අසන්න. සත්‍ය වශයෙන්ම අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අසන්නට ඔබට සෑම අයිතියක්ම තිබේ. අදාල රෝගී තත්වය, ගිලන් වූ ශරීරය සමඟ ගෙදර යන්නේ ජීවත්වන්නේ ඔබයි, වෛද්‍යවරයා නොවේ.


මේ ප්‍රශ්න ඔබට වෛද්‍යවරයා සමග සුහදතාවයක්, මිත්‍රත්වයක් හා විශ්වාසනීයත්වයක් වර්ධනය වීමටත් එමගින් සාර්ථකව වෛද්‍ය ගැටලුව සාකච්චා කිරීමටත් උදව් වේ. රෝගය පිළිබඳව වෛද්‍යවරයාගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳව කල් ඇතිව සූදනම් වී පැමිණීම වැදගත්ය. වෛද්‍යවරයාට පැවසිය යුතු තොරතුරු හා ඔහුගෙන් දැනගත යුතු කරුණු පිළිබඳව කල්තියාම කොලයක සටහන් කරගෙන පැමිණීම ඉතා හොඳ පුරුද්දකි. ඒ සෑම ප්‍රශ්නයක්ම ඇසිය යුතු නොවුනත් ඔබට එම ප්‍රශ්න මතක තබා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
Picture from here.


රෝගය හෝ රෝග ලක්ෂණ පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
මට හැදිල තියෙන ලෙඩේ මොකක්ද?
මේ ලෙඩේ හැදීමට හේතු මොනවද?
මේ ලෙඩේ ගැන තව පැහැදිලි කරන්ට පුලුවන්ද? රූපයකින් පෙන්නන්නට පුලුවන්ද?
මේ ලෙඩේ බරපතලද?
මගෙන් කාටවත් මේක බෝවිය හැකිද? කොච්චර කල් යනකල් බෝවීමේ හැකියාව තියනවද?
මේක නිසා මම පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද? හොඳ වෙනකල් කන්නට නුසුදුසු ආහාර මොනවාද?
මට ආපහු පාසැල් යන්න හෝ වැඩට යන්න පුලුවන් කවද්ද?
මේ ලෙඩේ ආපහු හැදීමෙන් මම ආරක්ෂා වෙන්නෙ කොහොමද?

Picture from here

බෙහෙත් පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
මේ බෙහෙතෙන් මොනවද වෙන්නෙ?
කොච්චර කල් මම බේත ගන්න ඕනැද?
මම මේක ගත්තෙ නැත්නම් මොනව වෙයිද?
මේ බෙහෙතෙ අතුරු එලයන් මොනවද?
හදිස්සියෙවත් මට බෙහෙත් වරුවක් මග ඇරුනොත් මොනවද කරන්නෙ?
මේ බෙහෙතෙන් ප්‍රථිඵලයක් නැති බව දැනුනොත් මම තව කොච්චරකල් ඒකම ගන්න ඕනැද?


පරීක්ෂණ පිළිබඳ ඇසිය හැකි ප්‍රශ්න,
ඇයි මේ පරීක්ෂණය කරන්නෙ?
මේ පරීක්ෂණ නොකලොත් එයින් ඇති බලපෑම මොකක්ද?
මේ පරීක්ෂණයේ වෙන්න පුලුවන් අනතුරු මොන්වාද?
මට රිදෙයිද? වේදනාව අඩු කරන්න මොනවත් නැද්ද?
මේ පරීක්ෂණය මෙතනම කරන්න පුලුවන්ද. නැත්නම් වෙනින් රසායනාගාරයක්/රෝහලක් වෙත යා යුතුද?
මේ පරීක්ෂණයේ අතුරු එලයන් මොනවද?
මම පරීක්ෂණයට සූදනම් විය යුත්තේ කොහොමද?
ප්‍රථිඵල මොනවා වුනොත්ද මම නැවත දැන්විය යුත්තේ?


රෝගී පරීක්ෂාව අවසානයේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් වලට අමතරව ඒ පිළිබඳ යම් සැකයක් ඇතිනම් පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න ඇසීමට ඔබට පූර්ණ අයිතියක් ඇත. ඔබ අසන ප්‍රශ්නයෙන් උරණ වන වෛද්‍යවරයා හොඳ වෛද්‍යවරයෙක් නොවේ.


වෛද්‍ය-රෝගී හමුවකදී, සායනයකදී හෝ රෝහලකදී සිටින වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ ඔබයි, වෛද්‍යවරයා නොවෙයි. වෛද්‍යවරයාගේ මූලික අරමුණ විය යුත්තේ රෝගියා හා ඔහුගේ ඥාතීන් සෑහීමකට, සතුටට පත් කිරීමයි. ඔහුට රෝගියා කරදරයක් නොවේ. මන්ද යත් ඔහු ජීවත්වන්නේ රෝගියාට සුවසෙත සැලසීමට බැවිනි.
Picture from here


ඔබ ප්‍රශ්න අසන විට තව තවත් රෝගය ගැන අවබෝධය වැඩි වේවි. රෝගය පිළිබඳ අවබෝධය, එය ඉක්මනින් පාලනය කිරීමටත් ඉදිරියේදී පරිස්සම් වීමටත් හේතු වේවි.

17 comments

  1. නියමයි. මං මේ ලිපියට සම්පූර්ණ ප්‍රසිද්ධියක් දෙනවා

     
  2. Unknown Says:
  3. @කතන්දරකාරයා,
    ප්‍රසිද්ධියට ස්තුතියි, කියවා සිතට ගත්තානම් එය ඊට වඩා වටී.

     
  4. Anonymous Says:
  5. කතන්දර ගෙන් දැන ගෙන විත් කියවා බැලුවෙමි... අනර්ඝයි.......

     
  6. Unknown Says:
  7. මා දිරිමත් කරන ඒ වදන් වලට, ස්තුතියි.

     
  8. ශ්‍රී ලංකාවේ වෙද හමුවේ මෙපමණ කලක් අඩු වී තිබුණු කොටසක් ඔබ පුරවනවා. එය ඉතාමත් ප්‍රසංශා සහගතයි.

     
  9. දොස්තර මහත්මයා, මේ ඇද කුද හොයනව නෙවෙයි, මේක අදහසක් පමණයි. බොහෝ රටවල් දැනට පවතින වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා පෙන්වනවා. ඔබට හැකිනම් මේ පොත කියවන්න. Text Book of Family Medicine - Ian McWhinney මෙයින් පෙන්වන්නේ වෛද්‍යවරයා කේන්ද්‍ර කොටගත් වෛද්‍ය හමුව රෝගියා කේන්ද්‍ර කර ගන්නා අන්දමයි.

     
  10. Unknown Says:
  11. @සරත් ගුණතුංග,
    අදහසට ස්තුතියි. එය බාගතිමි. කියවා බලන්නම්.

     
  12. TG Says:
  13. The health system in SL is such that most Docs annnoyed when patients ask questions . Glad to know a Doc is making aware us on what to ask as it's our right .

    good work Doc . Keep it up

     
  14. Bunny Says:
  15. කතන්දර අයියගෙන් තමා මාත් මේක දැන ගත්තෙ..නියම ලිපියක්...!!

     
  16. සම්පූර්ණ අැත්ත.
    අනිත් අයටත් ෙපන්නන්නම්!

     
  17. Unknown Says:
  18. @මනෝ @Bunny @Bandula ස්තුතියි.

     
  19. Buddhi Says:
  20. කතතන්දර පෙන්වූ පාරේ ආවෙමි. ලිපිය නම් ​ගොඩක් වටිනවා!

     
  21. ඇත්තමයි! හොද ලිපියක්. ස්තූතියි ඔබට අපව දැනුවත් කළාට.

    භාග දොස්තර මහත්මයා සම්පූර්ණ දොස්තර මහත්මයා කෙනෙක් වෙන්න තව කල් ගොඩක් තියේද?

     
  22. මෙඩ්ඩෝ ගැනයි, දොස්තරලා ගැණයි, පොල් ගැනයි කතන්දර ටිකක් ලියන්න ඕනෑ, ඉඩ ලද වහාම.

     
  23. Unknown Says:
  24. @බුද්ධි,
    එහෙනම් සිහියට ගන්න.

    @තනෝජා,
    දැනටමත් සම්පූර්ණ දොස්තරමි.(at least I think so) නමුත් පත්වීම් කවදා හම්බවේදෝයි නොදනිමි.

    @කතන්දරකාරයා,
    ඒ ගැන නම් කිව හැකි කතන්දර බොහොමැයි.

     
  25. ඔබ වැන්නවුන් අවශ්‍යයි අපේ රෝහල් වලට වැඩි වැඩියෙන් ඔබට ජය

     
  26. Lanka Says:
  27. When doctors have to see lot of patients within limited time the talking has to be reduced .So usually they inform only the most urgent and needy facts. When a patients ask ??? most of the doctors reply them but some are getting angry not with the patient I think. They are angry with the government and themselves!!

     

Post a Comment

ඔබේ අදහස් වලට මෙන්න ඉඩ...

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader