If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

ඉක්කාව(hiccups) දැකල නැති කෙනෙක් ඉන්නවද?
ජිවිතයේ කවද හරි අපි හමොටම ඉක්කාව කිහිප වරක් සෑදී ඇති. විටෙක එය එතරම් අපහසු දෙයක් නොවුවත්, සමහර විට එය සමාජය ඉදිරියේ ලජ්ජා උපදවන සුලු තත්වයකට පත් වේ.

Image from

ඉක්කාවක් හදෙන විට අත්තටම වෙන්නෙ මොකක්ද කියල දන්නවද?

අපේ ශරීරය උර කුහරයෙන් උදර කුහරය වෙන් කරන්නෙ මහා ප්‍රාචීරය නම් පේශිමය බිත්තියකිනුයි. ඒ බිත්තියට සපයෙන ස්නායුව හදිස්සියෙවත් උත්තේජනය වුනොත් එය එකවර වේගයෙන් හා තදින් හැකිලෙනවා. එතකොට බඩ පිම්බී හුස්ම වේගයෙන් ඇතුලට ඇදෙනව, එතකොට්යි "ඉක්" ශබ්දයක් මතුවන්නෙ. ඒ නිසා ඉක්කාවේදී දෝශය තියෙන්නේ මහා ප්‍රාචීරයේ මිසක් උගුරේ නොවේ.

Image from
ඉක්කාව ඇති වීමට හේතු මොනවාද?
නිතර නිතර හදෙන සුලු වෙලාවක් පවතින ඉක්කාව එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේ. මහා ප්‍රාචීරයේ ඇතිවන සුලු උත්තෙජනයක් එයට හෙතු විය හැකියි. එවා බොහොම ඉකමනින් ආහාර ගැනීම, රස්නය වැඩි හෝ සැර දෙයක් කෑම, තදින් සිනාසීම හෝ ඇඬීම, කෂණික බීම නිසා ඇතිවේ.
එහෙත් සමහර විට මහා ප්‍රාචීරය අවට පිහිටි ඉන්ද්‍රියයන් වන පෙනහලු සහ එහි කවරය වන ප්ලූරාවට වැළඳෙන ආසදනයන් නිසාද මහා ප්‍රාචීරය උත්තෙජනය වී දිගින් දිගටම ඉක්කාව වැළඳීමට පුලුවන. සමහර විට ආහාර මර්ගයේ, ආමාශයේ, අක්මාවේ මෙන්ම පිත්තාශයේ රොගභාධයන් නිසාද ඉක්කාව වලඳීමට හැක.
ගර්භනී මව්වරුන්ට ඉක්කාව ඇති වීමට ප්‍රධාන හේතුව ගර්භනී උදරය නිසා ඉන්ද්‍රියයන් මහා ප්‍රාචීරය දෙසට තෙරපීමයි.
කලාතුරකින් මොලයේ අතිවන ආබාධ නිසාද ඉක්කාව අතිවේ.


දුම් උරන්නන්ට හා මත් පැන් බොන්නන්ට වැඩියෙන් ඉක්කාව හදෙනවයි කියන්නෙ අත්තද?
ඔව්. ඔවුන්ට හා විශේෂයෙන් තෙල් බැදුම් සහිත ආහර ගත් පසු ඉක්කාව ලෙහෙසියෙන් ඇති විය හැක.


සාමාන්‍ය ඉක්කාවක් හැදුනු විට " ඉක්කයි මායි ගාලු ගියා, ඉක්ක දාලා මං ආවා" කියල හුස්ම අත හරින්නෙ නතුව දිගටම කියාගෙන කියාගෙන යන්න කියල අපේ අම්මා පොඩි කාලෙදි කියනව මට මතකයි. එහි අත්තක් තියනවද?
නොයෙක් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ඉක්කාවට තියෙනවා. හුස්ම නොගෙන හැකි තරමක් දුරට අල්ලා සිටීම එකක්." ඉක්කයි මායි ගාලු ගියා, ඉක්ක දාලා මං ආවා" කීමෙදීත් එකේ සිට සියයට ගනන් කිරිමේදිත් සිදුවෙන්නෙ හුස්ම නොගෙන හුස්ම අල්ලා සිටීමයි.
Image from

සමහර අය වතුර බොනව. සමහර අය සීනි අල්ලක් කටේ දාගන්නවා, කඩදාසි බෑගයක් මූනේ දගෙන ඊට ආශ්වාස ප්රාරශ්වාස කරනවා. මේ හම දෙයක්ම හරි නොගියොත් කරන්න දේවල් තමයි,
1) දිව එලියට ඇද ටික වෙලාවක් අතින් අල්ලාගෙන සිටීම.
2) ඇස් දෙක පියා ගෙන ඇස් මත ඇඟිල්ල තබා තද කරන්න.
මේ හමදෙයකින්ම සිදු වන්නේ අපේ ශ්වසනය පාලනය කරන 10 වන කපල ස්නායුව (Vagus nerve) උත්තේජනය කිරීමයි. එමගින් ඉක්කාව පාලනය විය හැක. ආශ්වාස මගින් මහා ප්‍රාචීරය එක දිගට ඇදී පවතින නිසා ඉක්කාව ඇතිවීම වැලකිය හැක. එනිසා ඔබගේ අම්මාගෙ ක්‍රමයේ යම් විද්‍යාත්මක පදනමක් තියනවා.
තවදුරටත් ඉක්කාව පවතුනොත් වෛද්‍යවරයෙකුට පමනක් කල හකි ප්‍රතිකාර Carotid Sinus Massage සහ ඖශධ භාවිතය (Chlorpromazine) හෝ බැරිම තැනකදී සැත්කමක් මගින් මහා ප්‍රාචීරයට සපයන ස්නායුව (Phrenic nerve) කපා දැමීමයි.

1 Responses to ඉක්කයි මායි ගාලු ගියා, ඉක්ක දාලා මං ආවා (Hiccups)

  1. ඇත්තමයි. මගේ සැමියාට දැවිල්ල කාල තේ එකක් බොද්දි ඉක්කාව එනවා. හැම විටම, කඩයකින් තේ බොද්දි මේ ඉක්කාව එයාට එනවා. තව මම නම කිව්වට කමක් නැහැ මම හිතන්නෙ panadol කීප වේලක් බොද්දිත් එහෙමයි.

     

Post a Comment

ඔබේ අදහස් වලට මෙන්න ඉඩ...

මම... (About me)

කියවනයකට එකතු කරන්න

subscribe in a reader