විශ්වාස නැද්ද? රැඳී සිට, වතුරට කරන්නට පුලුවන් විජ්ජා 7ක් ඉගෙන ගන්න.
වතුර කෙට්ටු වීමට බෙහෙතකි.
![]() |
(Laureen Middley/Iconica) |
වතුර වැඩිපුර ගත් විට පරිවෘත්තීය පද්ධතියද වැඩියෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බිවූ වතුර සීතල නම් වතුර ප්රශස්ත මට්ටමට රත් කර ගැනීමට තවත් කැලරි ටිකක් වැඩියෙන් දහනය කිරීමට සිදුවේ.
වතුර ඔබේ ජවශක්තිය වැඩි කරයි.
![]() |
(Veronique Beranger/Self-Photos) |
ලේ මගින් ඔක්සිජන් මෙන්ම අනික් අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනයට වතුර උදව් කරයි.
ඔබ අවශ්‍ය තරම් වතුර ගන්නේ නම් හදවතටත් එතරම් වෙහෙසකින් තොරව ක්‍රියා කර සිරුර පුරා ලේ විහිදුවා හැරිය හැක.
මානසික ආතතිය අඩු කිරීමට - වතුර
මිනිස් මොළය 85%ක කොටසක් ජලය යි. ඔබ විජලනයෙන් පසු වන විට සිරුරත්, මනසත් ආතතියට ලක්වී පවතී.
ඔබට තිබහක් දැනෙනවිටදී ඇත්තටම ඔබ සුලු වශයෙන් විජලන තත්වයක පසුවෙයි.
එනිසා ආතතිය අඩු කිරීමට මේසය මත වතුර වීදුරුවක් තියා ගෙන උගුරු කිහිපයක් නිතරම බොන්න.
![]() |
(Patrick Giardino/Image Bank) |
වතුර බීම පේශි කෙණ්ඩා පෙරළීම වලක්වන අතරම හන්දි ස්නේහන ස්රාවය මගින් හොඳින් ලිස්සා යෑමට සලස්වයි.
වතුර බී යහපත් සජලන තත්වයකින් සිටින විට ඔබට වඩාත් දිගු වේලාවක් හොඳින් වෙහෙසී ව්‍යායාම කිරීමට හැකි වෙයි.
![]() |
(John Shotwell/Stone) |
හමේ රැළි වැටීම වඩාත් වැඩියෙන් විජලනය වූ අවස්ථා වලදී පෙනේ.
වතුර බොන විට සජලනය වූ සමේ සෛල, මහත් වී ඔබේ මුහුණට වඩාත් තරුණ පෙනුමක් ලබාදෙයි. ස්වභාව ධර්මයා විසින් නිපදවන ලද හොඳම සම රැක ගැනීමේ ආලේපනය ජලයයි.
ඒ වගේම සමේ ඇති අපවිත්‍රතාවන් ඉවත් කර, සමේ රුධිර පරිවහනය වැඩිකර මුහුණට පිරිසිඳු, පැහැපත්, දීප්තිමත් බවක් ලබා දෙයි.
වතුර බොන්න, මල බද්ධයෙන් වලකින්න.
තන්තු සහිත ආහාර අනුභවය හැරුණු විට මල බද්ධය වැලක්වීමට එලෙසම වැදගත් වන්නේ වතුර වැඩිපුර බීමයි. වතුර ආහාරවල බහිස්රාවීය අතුරුඵල දියකර ආහාර මාර්ගය දිගේ පහසුවෙන් යෑමට සලස්වයි.
විජලන අවස්ථාවකදී සිරුර සියලු වතුර අවශෝෂණය කර, මහා අන්ත්රය වියළී මල බැහැර කිරීම අපහසු කරයි.
![]() |
(Ethan Welty/Aurora) |
ප්‍රමාණවත්ව ජලය පානය නොකිරීම නිසා, ළමයින්ට පවා වේදනාකාරී මුත්‍රා ගල් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතී.
මුත්‍ර ගල් සෑදීමට හේතුවන මුත්‍ර වල ඇති ඛණිජ හා ළවණ ද්‍රව්‍ය, වතුර මගින් තනුක කරනු ලැබේ.
මුත්‍ර ගල් තනුක මුත්‍ර වල සෑදීමට ඉඩ නැති නිසා, වතුර බීමෙන් මුත්‍ර ගල් අඩුකරගන්න.
ඔබ ප්‍රමාණවත් තරම් වතුර බොනවාද?
![]() |
(Charly Franklin/Taxi) |
ඔබ ව්‍යායාම කරනවා නම් හෝ දැඩි දහඩියට ලක්වන්නේනම් මීට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ඔබ වෙනත් බීම නිතර පානය කරන්නේ නම් වතුර අඩු ප්‍රමාණයක් ඇතිවේ.
මම නම් බොන්නේ බෝතල් වතුරයි ටැප් වතුරයි තමා. කැනඩාවේ බොහෝ දෙනෙක් වුණත් එහෙමයි, ලංකාවේ ටැප් වතුරවල තත්වයන් නිසා භයානකකමක් තිබුණත් වෙනත් රටවල බෙහෙවින් අඩුයි.
මම නම් බොන්නේ ටැප් වතුර තමයි. කෝක නමුත් මම වතුර බොනවා හරිම අඩුයි. වීදුරු 8ක් තියා එක වීදුරුවක්වත් සමහර දවස්වලට පෙවෙන්නේ නැහැ. :(
වතුර ගැන ලියවු න වැදගත් ලිපියක්....
මාත් ඉතින් වතුර ටිකක් අඩුවෙන් බොන කෙනෙක් උත්සාහ කරන්න ඕන ටිකක් වැඩි කර ගන්න.
වැදගත් ලිපියක්....... බොහොම ස්තූතියි අපිටත් කිව්වට.....
හරිම වැදගත් ලිපියක්. ගොඩක් දෙවල් දැන ගත්ත.
වතුර බොන එක හොඳ බව නමි මමත් දන්නවා. ඒත් මේචිචර වැදගත් කමක් තියනවා කියල අද තමා දැන ගත්තේ. දන්න හැමෝටම කියන්නම්. (බ්ලොග් නොබලන)
ඉතින් හිතට ගන්න, වතුර තව ටිකක් බොන්න.
අදහස් දැක්වූ සැමට ස්තුතියි.
දැනට ප්‍රතිඵල අනූව වැඩි දෙනෙක් බොන්නෙ ටැප් වතුර වගෙයි.
matath kathavak liyanna venawa.