If you can't read,

මෙතනට ආපු අය,

මා පසුපස නිතරම (Followers)

මාව එකතු වෙන්නේ (syndication)

මගේ අනෙක් අඩවි (My other blogs)

There was an error in this gadget

ලේ දන් දීම (Blood Donation)

ලියුවේ Manura Rathnayake June 14, 2010

රුධිර පාරවිලයනය ජීවිත බේරන අතරම රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි කරයි. අවාසනාවකට අනතුරක් නැති රුධිරය නිසි වේලාවට ලබා ගැනීමේ පහසුකම්, ලේ අවශ්‍ය ලොව පුරා මිලියනයක පමණ ජනතාවකට අහිමි වී ඇත.

ඔබ දැනසිටියාද?

  • අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි.
  • දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ.
  • සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.
  • ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
  • රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත.
makelessnoise (Flikr)

  • ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.
  • අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.
    ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. 
  • රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි.
  • පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
  • එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක.
  • රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ.
  • පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි.
  • රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි.
  • නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි.
  • සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි.
  • ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී.
    මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
montuno (Flickr)
  • දැන් අවශ්‍ය ලේ සංඝටකය පමණක් උකහා ගෙන අනික් ලේ නැවත දායකයා වෙතම ලැබෙන ඒපෙරසිස් (Apheresis) නම් වූ විශේෂිත ක්‍රමයක් ඇත. 
  • දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ව යටතේ දින හතළිස් දෙකක් ගබඩා කොට තබා ගත හැක.
  • රුධිර පට්ටිකා දින පහක් පමණ සම්මත තත්ව යටතේ පවත්වා ගත හැක.
  • අධිශීත කල රුධිර ප්ලාස්මාව වසරක් පමණ පවත්වා ගත හැක.
    සාමාන්‍ය රුධිර පාරවිලයනයක (Blood Transfusion) ප්‍රමාණය පයින්ට් 2-3 අතර වේ.
  • පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.
  • රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.
  • තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ.
  • ලබා ගත් රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර පරීක්ෂණ ගණනාවක් මගින් එම රුධිරය හානිකර නැති බව තහවුරු කරනු ලැබේ.
  • ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.
  • ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ, අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.
  • ලේ බැංකු බොහෝ විට O හා B ලේ වර්ග වල හිඟතාවයෙන් පෙළෙයි.
  • දුර්ලභම ලේ වර්ගය වන්නේ රෝගියෙකුට අව්ශ්‍ය විට බැංකුවේ නැති ලේ වර්ගයයි.
  • මිනිස් රුධිරය සඳහා වෙනත් කිසිදු ආදේශකයක් නොමැත.
  • ලේ දන් දෙන සෑම කෙනෙක්ම අවම වශයෙන් අවුරුද්දකට වාර තුනක් ලේ ලබා දුනහොත් බැංකුවල ලේ හිඟයන් දුර්ලභ සිද්ධි බවට පත් වනු නොඅනුමානයි. (දැනට සාමන්‍යය වාර දෙකයී
  • ලාංකීයයන් තවත් සියයට එකකින් ලේ දන් දෙන ප්‍රමාණය වැඩි කලොත්, ලේ හිඟයන් අතීත බියකරු සිහිනයන් පමණක් වනු ඇත.
    වයස අවුරුදු 18 සිට වයස 60 වනතෙක් සෑම මාස හතරකටම වරක් ලේ දන් දුන්නොත් ඔබ ජීවිත කාලයේදී ගැලුම් 15.75 ලේ පරිත්‍යාග කොට තිබේ.
Charles Haymond (Wikimedia)
  • රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සැකෙවින්,
    අතීත වෛද්‍ය තොරතුරු විමර්ෂණය
    කෙටි සිරුර පරීක්ෂාව
    රුධිර දායාදය
    විවේකය හා සුලු ආහාරයක් ගැනීම. 
  • ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.
  • ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.
  • ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.
  • මිනිසෙකුගේ සිරුර තුල සාමාන්‍ය්යෙන් ලේ පයින්ට් 10 ක් පමණ ඇත.
  • සිරුරේ බරින් 7% පමණ ලේ නිසායි.
  • අලුත උපන් දරුවෙකුගේ සිරුර තුල ලේ කෝප්පයක් පමණ සුලු ප්‍රමාණයක් ඇත.
  • ලේ පරිත්‍යාගයෙන් ඔබේ ශරීර ශක්තියට හෝ ජවයට කිසිදු හානියක් නොවේ.
  • ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් සංවිධානයට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට ඍජුවම ජාතික ලේ පාරවිලයන සේවය සමග ස්ම්බන්ධ විය හැක.
  • මෙසේ සමාගම්, පාසැල්, පල්ලි/පන්සල් මගින් සාර්ඨකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සපිරේ.
  • ලේ පරිත්‍යාග කරන්නවුන් එය ස්ව කැමැත්තෙන්ම කරනු ලබයි.
  • ඔබත් හැකිනම් ඔබේ ජීවිතයෙන් පැයක් ලේ දන්දීමට ලබා දී තවත් ජීවිත තුනක් බේරා ගන්න!


ඔබට ලේ පරිත්‍යාග කිරීමට හැකි ක්‍රම -
1) ලේ ලබා ගැනීමේ පහසුකම් ඇති ජාතික ලේ බැංකුවකට හෝ ඒවායේ ශාඛාවකට ගොස් පරිත්‍යාග කිරීමෙන්
2) වසර පුරා රට පුරා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරු වලට සහභාගී වීමෙන්
3) Dialog දුරකථනයක් ඇත්නම් Blood සටහන් කොට 7777ට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්


ජූනි 14වනදාට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනය නිමිත්තෙන් මගේ පරිත්‍යාගයයි.
ආශ්‍රය,
National Blood Transfusion Service, Sri Lanka 
WHO - World Blood Donor Day 2010

10 comments

  1. indi Says:
  2. ඔයා මාර්ටින් වික්‍රමසිංහගෙ සත්ව සන්තතිය කියල පොතක් කියවල තියනවද??පුලුවන්නම් ඒක අරන් කියවන්න..මොකද මම දැකපු සිංහලෙන් විද්‍යාව ගැන ලියවුන වැදගත් කෘතියක්..ඒකෙ වාක්‍ය රටාව මාර විදිහට හිතට කාවදින සුලුයි...මම ඔයාගෙ අඩුවක් කියනව නෙමෙ...ගලායාම කියන එකෙ පොඩි අඩුවක් තියනවා....

     
  3. ravi Says:
  4. හොද ලිපියක්. ගොඩාක් දේවල් දැනගත්තා ලේ දන් දීම ගැන නම්. මමත් දැනට 6 වතාවක් ලේ දන් දීල තියනවා අවුරුදු 2-3කට කලින්.ඒත් ලගදි ලේ දන් නොදෙන්න හේතු 3ක් තියනවා
    1- ලේ දන් දීපුවම මහත් වෙනවා කියලා මගේ යාලුවෙක් කිවුවා (ලේ දන් දෙන්න කලින්ට වඩා මම දැන් මහතයි. බරත් වැඩියි. මේ දෙක අතර සම්මන්ධයක් තියනවාද ?
    2- ලංකාවේ ලේ බැංකුවට ඇත්තටම ලේ හිගයක් තියනවාද ? ලගදි ලේ බැංකුවෙන් ලේ පිටරටට දුන්නා කියලා චෝදනාවක් තිබුනා නේද? ඒක ලේ බැංකුවෙන් ප්‍රතික්ෂේප කලේ නෑ නේද ?
    3- ලේ දන් දෙන්න කියලා අනික් අයට උපදෙස් දෙන අය ලේ දන් දෙන්නේ නෑ (විශේෂයෙන්ම දොස්තරලා/හෙදියන් ) ඇයි ‍ඒ ?

     
  5. ලේ දන්දීම ගැන ගොඩක් දේ දැනගත්තා. අද කාලේ වෛද්‍ය උපදෙස් මාතෘකා කීපයට සීමා වෙලා. බොහෝ විට සුලභ බෝවන රෝග හා ඒවා නිවාරනය. එවන් සමයක මෙවැනි විවිධ කරුණු වලින් අප දැනුවත් කිරීම ගැන නැවතත් ස්තුතිය.

     
  6. ලේ දන් දෙන්න කියලා අනික් අයට උපදෙස් දෙන අය ලේ දන් දෙන්නේ නෑ (විශේෂයෙන්ම දොස්තරලා/හෙදියන් ) ඇයි ‍ඒ ?
    කවුද කියන්නෙ යාලුවෙ..ඔන්න අපි නම් දෙනවා!!

     
  7. ඩොක්ටර්..
    පුංචි දෙයක් කියන්නද?..මෙන්න මේ භාග දොස්තර කියන නම නම් මම අකමැතිම එකක්..
    ඇත්තටම ඔයා එකහමාරෙ දොස්තර..!!
    (එක=දොස්තර , භාගෙ= බ්ලොගයෙන් වෙන සේවය === එක හමාර!!)

     
  8. පුංචි එකතුකිරීමක්....

    * RCC රතු සෛල සාමාන්‍යයෙන් දින 35-42 තබාගත හැක
    CPDA1 යටතේ-35 දින
    ADSOL යටතේ -42 දින

    *සාමාන්‍යයෙන් අප ලේ බැංකුවෙන් නිපදවන රැධිරය හා සංඟඨක
    1.RCC රතු සෛල
    2.LD Cells සුදු සෛල අවම කළ රතු සෛල
    3.Buffy coat සුදු සෛල
    4.Stored Plasma සම්පූරන රුධිර ප්ලාස්මාව
    5.CRYO poor Plasma කැටිගැසීමේ සාධක ඉවත් කළ ප්ලස්මාව
    6.FFP අධිශීත කළ ස්ථාවර කැටිගැසීමේ සාධක ඇති ප්ලස්මාව
    7.CRYO අධිශිත කළ අස්ථාවර කැටිගැසීමේ සාධක ඇති ප්ලස්මාව
    8.Platelets රුධිර පට්ටිකා
    1.එක් දායකයෙකුගෙන් ලබාගත්(Apheresis)
    11.දායකයන් කීපදෙනෙකුගෙන් ලබාගත්
    9.washed cells සේලයින් වලින් සේදූ රතු සෛළ

     
  9. මම මේකට උත්තරයක් ලිවුවට තරහ නෑනෙ
    1- ලේ දන් දීපුවම මහත් වෙනවා කියලා මගේ යාලුවෙක් කිවුවා (ලේ දන් දෙන්න කලින්ට වඩා මම දැන් මහතයි. බරත් වැඩියි. මේ දෙක අතර සම්මන්ධයක් තියනවාද ?
    දන්නා පමනින් කිසිදු සම්බන්ධයක් නැත!
    2- ලංකාවේ ලේ බැංකුවට ඇත්තටම ලේ හිගයක් තියනවාද ? ලගදි ලේ බැංකුවෙන් ලේ පිටරටට දුන්නා කියලා චෝදනාවක් තිබුනා නේද? ඒක ලේ බැංකුවෙන් ප්‍රතික්ෂේප කලේ නෑ නේද ?
    ඇත්තටම ලේ හිඟයි යාලුවෙ..පුදුම අමාරුවෙන් තමයි ගොඩක් දවස් වලට ලේ හොයාගන්නෙ.විශේෂයෙන්ම Rh negative ලේ නැතිව සමහර ශල‍යකර්ම කල්දාන්න පවා වෙනව!
    අර චෝදනාව ගැන මමත් දන්නෙ මාධ්‍යවල ගියපු දේවල් විතරයි..අපි ඉතින් ලේ බැංකුවෙ පහලම පුරුක් නෙව!!

     
  10. @indi,
    මාගේ මේ ප්‍රයත්නය දිරිමත් කරන්නටත්, නිවැරදි කරන්නටත් ලැබෙන සෑම "කියමනක්ම" සතුටින් භාර ගනිමි. එනිසා උපදෙස් වලට බොහොම ස්තුතියි.
    ඇත්තෙන්ම මෙම සටහන මා ඉදිරිපත් කලේ කරුණු පෙළක් ලෙස bullet යොදායි, නමුත් එම අඩවියට ප්‍රසිද්ධ(publish) කිරීමේදී bullet ගිලිහී ඇත. අඩවියෙහි template වරදකිනියි සිතමි.
    දෙවනුව අවාසනාවකට මෙතරම් අලංකාරවත් සිංහල මාගේ මව් භාෂාව නොවන නමුත් හැකිතාක් නිවැරදිව ව්‍යාකරණ යෙදීමට උත්සාහ ගැනීමේදී දෝෂ සිදුවේ.
    තෙවනුව සමහරක් කරුණු මා වෛද්‍ය විද්‍යාව උගත් english සිට සිංහලට පරිවර්තනයේදී දෝෂ සිදු වේ.

    @ravi,
    මුලින්ම ඔබ පෙර කල රුධිර පරිත්‍යාගයන්ට මගේ ප්‍රණාමය, දැන් ඔබේ ප්‍රශ්ණ දිහා බලමු,
    1 - ලේ දන් දීම නිසා මහත් වන්නේ නැත.
    එනමුත් ලේ දන් දුන් අයෙක්, තමාගේ "ලේ දැන් මදි" යැයි සිතා වැඩියෙන් ආහාර ගැනීමට පෙළඹුනු අවස්ථා නම් මම අත්දැක තිබේ. මෙසේ ලේ වඩන්නට කියා ආහාර පමණ ඉක්මවා මාස කීපයක් ගත හොත් අවසන් ප්‍රතිඵලය මහත් වීම නේද?
    ලේ දීමෙන් සුලු ඌණතාවයක් සිටින ලෙස අඩුවන්නේ යකඩ පමණයි, එය නැවත ලබා ගැනීමට සාමාන්‍ය වේලටම තව ටිකක් වැඩියෙන් යකඩ අඩංගු ආහාර එකතු කර ගැනීම සුදුසුයි.
    අනික ඔබ බර වැඩි වීමට හේතුව ආහාර රටාව, ව්‍යායාම අඩුකම වීමට නොහැකිමද?
    2 - ඉන්දික කිවූ ආකාරයටම සමහරක් වෙලාවට බැංකුවෙන් ලේ ගැනීම ඉබ්බගෙන් පිහාටු ඉල්ලනව වගේ අසීරු වැඩක්, ඒ ලේ මදිකම නිසාමයි. පිටරට කරුණ ගැන නම් කිසිත් නොදනිමි, එනිසා කිසිත් නොපවසමි. නමුත් sensationalist මාධ්‍ය කියනා සියල්ලම ඒ ආකාරයෙන්ම සත්‍ය නොවේ.
    3 - කවුද කියන්නේ?
    අපි වෛද්‍ය ශිෂ්‍යයන් වශයෙන් වසරකට දෙවරක්වත් ලේ දන් දීමේ කඳවුරු වෛද්‍ය විද්‍යාලයේම පැවැත්වූවා/පවත්වනවා.
    සමහරක් ලේ මදි වූ අවස්ථාවලදී(විශේෂයෙන් ළදරු වාට්ටු වල ) වාට්ටුව භාර වෛද්‍යවරයාම ගොස් පරිත්‍යාග කර ලේ ලබාගෙන එනවා.

    @priyantha.ඒබී,
    ස්තුතියි.

    ඉන්දික,
    විස්තර එකතු කලාට ඔබට පින්.
    මම භාග දොස්තරෙකු වී අනික් භාගය ලැබෙන තෙක් සැමදා සැමගෙන් ඉගෙනීමට / අත්දැකීම් ලබා ගැනීමට කැමැත්තෙමි.

     
  11. @ඉන්දික, මම දන්නේ නෑ ඔබ දොස්තර කෙනෙක්ද, කියා... ආමන්ත්‍රණයේ වැරදි ඇතොත් සමාවන්න... අර භාග දොස්තර කථාව මමත් දවසක් ඇහුවා.... දැන් මෙහෙම කිව්වට එදානම් කිවුවේ සම්පූර්ණ දොස්තර කෙනෙක් කියලා..... :) ඔයාගෙ එකහමාරෙ දොස්තර කථාවටනම් මමත් එකඟයි...

    @භාග දොස්තර (Half Doctor), මම විශ්වාස කරනවා මල්ලියෙක් කියලා.. මමත් හරි ආසයි ලේ පරිත්‍යාග කරන්න.. ඒත් මගෙ ලේ භාරගන්නෙ නෑ.. මට සොරයිසීස් කියන සමේ රෝගය තියෙනවා... ඒත් මගේ සැමියා නම් අනිවාර්යයෙන් වසරකට එක් වතාවක්වත් ලේ දන් දෙනවා..

     
  12. ලේ ගැන සහ ලේ පරිත්‍යාග කිරීම ගැන නොදත් තොරතුරු ගොඩක් දැනගත්තා. ගොඩක් ස්තූතී...(අද මම 3වැනි වතාවට ලේ පරිත්‍යාගකලා) ස්තූතී...(අද මම 3වැනි වතාවට ලේ පරිත්‍යාගකලා)

     

Post a Comment

ඔබේ අදහස් වලට මෙන්න ඉඩ...

There was an error in this gadget

කියවනයකට එකතු කරන්න

subscribe in a reader
There was an error in this gadget